Saturday, May 11, 2024

General line - 0115112241

මහින්ද සමග ඒකාබද්ධ විපක්ෂය රට යයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් අද (04) විදේශ ගතවීමට නියමිතයි.

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත සහ ශෙහාන් සේමසිංහ යන මන්තී‍්‍රවරුන්ද මෙලෙස විදේශ ගත වනු ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව දින 6 ක සංචාරයක් සඳහා ඔවුන් අද දකුණු කොරියාව බලා පිටත්ව යනවා.

මෙම සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම එරට වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව හමුවී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.