Wednesday, May 15, 2024

General line - 0115112241

උගන්වන මුවාවෙන් සිසුවියන් 17ක් කෙළෙසූ ගුරුතුමා මාට්ටු




මහනුවර හන්තාන ප‍්‍රදේශයේ පෞද්ගලික නේවාසික පුහුණු ආයතනයකදී ගැහැණු ළමුන් පිරිසක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

මෙම සැකකරු ගැහැණු ළමයි 17 දෙනෙකු අපයෝජනය කර ඇති බවටයි පැමිණිලි කර තිබුණේ.

ඔහු අදාළ පුහුණු ආයතනයේ ප‍්‍රධාන දේශකයා ලෙස කටයුතු කළ අයෙක්.

(මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් මෙම පුද්ගලික ආයතනය සහ සිදුවීමට සම්බන්ධ සියලු තොරතුරු මෙතැනින් කියවිය හැකියි)