Published
සිය ගැටළුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් අද පෙරවරු අටේ සිට පැය 48ක දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම වෛද්‍යවරු අද සිට ලබන 11 වනදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්තාකල යුතු වනවා.
කෙසේවෙතත් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර පවතින ගැටළු විසදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
අද පෙරවරු 8 දක්වා කාලය තුළ එලෙස කටයුතු නොකරන්නේ නම් පැය 48 ක සිය වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.




