hemantha

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම ගැන වෙළද ඇමතිගෙන් සහතිකයක්

අවශ්‍ය තරම් ආහාර තොග රටේ පවතින බැවින් අනවශ්‍ය ලෙස ආහාර එක්රැස් කිරීමෙන් වලකින ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උත්සව සමයේ හිගයකින් තොරව ආහාර ලබා දිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ. Neth News · WASANTHA 01 උත්සව සමයට පෙර තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් මෙරට ගෙන්වීමට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම ගැන වෙළද ඇමතිගෙන් සහතිකයක්

නවතා දැමු ත්‍රිපෝෂා නිෂ්පාදනය යළි අරඹයි

ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා. ඔහු පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුදව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස ගණනාවක් අඩාළ වී පැවති බවයි. එම තත්ත්වය හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනය අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වූ අතර කෙසේ වෙතත් ඉලක්කගත ප්‍රතිලාභි කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබාදීම නවතා දැමු ත්‍රිපෝෂා නිෂ්පාදනය යළි අරඹයි

හෝමූස් ගැන ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් ප්‍රතිචාර

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලිබල පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එලෙස ඉරාන විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කලහොත් මැදපෙරදිග කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම් සහ බලශක්ති පහසුකම් ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ කළ හැකි බවයි ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් ප්‍රකාශ හෝමූස් ගැන ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් ප්‍රතිචාර

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගස්තු අය කිරීම අද සිට යළි ඇරඹෙයි

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (23) පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීම සිදු කරන බවයි කොළඹ මහ නගර සභාව පැවසුවේ. ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගස්තු අය කිරීම අද සිට යළි ඇරඹෙයි

පුද්ගලික බස් රථ ධාවනය නවතී

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය අද අලුයම සිට නතර වී තිබෙනවා. ඇතැම් මාර්ගවල කිසිදු පෞද්ගලික බස් රථයක් ධාවනය වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කෙසේවෙතත් ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබෙනවා. එම බස් රථවලද අධික ලෙස මගීන් ප්‍රවාහනය කෙරෙන ආකාරයක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බස් රථ අඩුවීම පුද්ගලික බස් රථ ධාවනය නවතී

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක්

ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්. ඉදිරි පැය 48 ක කාලය ඇතුළත හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත්, එරට ඇති සියලුම බලාගාර විනාශ කරන බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක්

ඉන්දීය අගමැති සහ ඉරාන ජනපති අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඊද් (Eid) සහ නවුරූස් (Nowruz) උත්සව වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය. එමෙන්ම, දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ කලාපීය ස්ථාවරත්වයට බලපාන මෑතකාලීන වර්ධනයන් පිළිබඳවද ඔහු සිය කනස්සල්ල පළ කළේය. X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක් පාර්ශවයකිනුත්, ඉරානය ඉන්දීය අගමැති සහ ඉරාන ජනපති අතර සාකච්ඡාවක්

චීනයේ නව සයිබර් අපරාධ පනත් කෙටුම්පත ගැන ජාත්‍යන්තර සංවිධානයක් කණස්සල්ලෙන්

චීනයේ නව සයිබර් අපරාධ පනත් කෙටුම්පත මගින් මූලික මිනිස් අයිතිවාසිකම්වලට තර්ජන එල්ල වන බව හියුමන් රයිට්ස් වොච් ආයතනය ප්‍රකාශ කළේය. එම කෙටුම්පත අත්හැර දමන ලෙස චීනයට බල කරන මෙන් අදාළ රජයන්ගෙන් එම ආයතනය ඉල්ලා සිටියේය. චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ‘සයිබර් අපරාධ වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කෙටුම්පත’ ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. එය සයිබර් චීනයේ නව සයිබර් අපරාධ පනත් කෙටුම්පත ගැන ජාත්‍යන්තර සංවිධානයක් කණස්සල්ලෙන්

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ පාකිස්ථානයේ ප්‍රහාරය ගැන ජාත්‍යන්තර කණස්සල්ලෙන්

මාර්තු 16 වන දින කාබුල්හි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පතොරම් ගබඩාවක් ඉලක්ක කළ බවට පකිස්ථාන නිලධාරීන් කළ ප්‍රකාශයන්ට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ. එහි පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ඉසබෙල් ලැසී පවසන්නේ මෙම ප්‍රහාරයෙන් මියගිය මුළු සංඛ්‍යාව මෙතෙක් ස්වාධීනව තහවුරු කර නොමැති වුවද, අවම වශයෙන් සිය ගණනක් සිවිල් වැසියන් මිය ගොස් ඇෆ්ගනිස්ථානයට එල්ල වූ පාකිස්ථානයේ ප්‍රහාරය ගැන ජාත්‍යන්තර කණස්සල්ලෙන්