hemantha

මත් වෙන ඖෂධ තරුණයන්ට අලෙවි කල හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට

වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙන මත් වෙන ඖෂධ තරුණයන්ට අලෙවි කල හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම ඔසුසැල් හිමියා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා අධික මිලකට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම ඖෂධ අලෙවි කරන බවට ලද තොරතුරකට අනුවයි. හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන මත් වෙන ඖෂධ තරුණයන්ට අලෙවි කල හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ රන් සංචිතය ගැන වාර්තාවක්

භාරතීය නිවාස සතු රන් සංචිතය අතිවිශාලය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් වූ මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) වාර්තාවකට අනුව, ඔවුන් සතුව රන් ටොන් 34,000කට වඩා ඇති අතර, කොටැක් මහේන්ද්‍රා බැංකුව (Kotak Mahindra Bank) එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 5ක් පමණ වන බව ගණන් බලා ඇත. මෙම දැවැන්ත සංචිතය මේ වන විට ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ණය අංශයක් ඉන්දියාවේ රන් සංචිතය ගැන වාර්තාවක්

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(25) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනාගෙන් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

රනිල්ගේ සෞඛ්‍ය තත්වය ගැන සිංගප්පුරුවෙන් ලැබුණු අලුත්ම වර්තාව

දැන් කණින් කොනින් ඇසුණු කතා විශේෂංගය.

ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්

යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයේ නිවැරදි පුද්ගලයන් සමග සාකච්ඡා කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ධවල මන්දියරයේදී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීම සදහා වොෂින්ටනය ඉරානයට කරුණු 5කින් යුත් සැලැස්මක් යොමුකර ඇති බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම එම සැලැස්මට ඇතුළත් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් යළි ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙ නොවෙනස් තීරණය

සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7යි දශම 7යි5ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එම තීරණයට එළඹ ඇත්තේ ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් සහ විශේෂයෙන් මැදපෙරදිග ගැටුමෙන් පැන නඟින අවිනිශ්චිතතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවෙ නොවෙනස් තීරණය

විදුලි පරිභෝජනය අවම කරන ක්‍රම ගැන ජනතාවට දැනුම්දීමක්

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සදහා පාරිභෝගිකයින්ගේ දායකත්වයද අත්‍යවශ්‍ය වී ඇතැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බන්ඩාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ ජනතාවගේ සහය ලැබෙන්නේ නම් පවතින විදුලි අවශ්‍යතාව කළමනාකරණය කිරීමට තවත් පහසු වනු ඇති බවයි. අර්බුදයක් ඇති මේ මොහොත් පාරිභෝගිකයින් විදුලි පරිභෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති විදුලි පරිභෝජනය අවම කරන ක්‍රම ගැන ජනතාවට දැනුම්දීමක්

යල කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා ගැනීමට නව සැලසුම්

මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යයාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. මැදපෙරදිග යුද යල කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා ගැනීමට නව සැලසුම්

ජනපති අනුර සහ ඉන්දිය අගමැති මෝදි දුරකතන සංවාදයක

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. ඊයේ පස්වරුවේ එම දුරකතන සාකච්ඡාව පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. වර්ධනය වන තත්ත්වයන් කලාපීය මෙන්ම ගෝලීය සැපයුම් ජාලවලට සිදු කරන අහිතකර බලපෑම් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ දැඩි අවධානය යොමුව ජනපති අනුර සහ ඉන්දිය අගමැති මෝදි දුරකතන සංවාදයක