hemantha

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා. සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින අතර ඊයේ දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.  

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කෙරේ

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කර තිබෙනවා. ඒ, පොලිස්පති විදෙස්ගත වීම හේතුවෙන්. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රුමේනියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් පොලිස් කොමිසමේ එකගතාව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.  

නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක ගින්නක්

නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන්, ගින්න හට ගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් එම ගින්න සීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි. මේ අතර වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල සිදු කෙරෙන ගිනි තැබීම් හේතුවෙන් නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක ගින්නක්

ජන ශක්ති සමූහ ව්‍යාපාරය එළඹෙන අප්‍රේල් මස 09 වනදා සිය මූලික කොටස් නිකුතුව දියත් කිරීමට තීරණය කරයි

ජන ශක්ති සමූහ ව්‍යාපාරය එළඹෙන අප්‍රේල් මස 09 වනදා සිය මූලික කොටස් නිකුතුව දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොටසකට රුපියල් 10 බැගින් සාමාන්‍ය කොටස් මිලියන 500ක් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි ප්‍රධාන නිලධාරී ගාමිකද සිල්වා මහතා. Neth News · JANASHAKTHI 01

සේනානායකීය ආදි ශිෂ්‍ය හදවත් එකමුතුවෙන් මල්පල ගැන්වෙන ගුරු සිසු නොනිමි සබැදියාව

1967 පෙබරවාරි මස 10 වන දින අයි.එම්.ආර්.ඒ. රීරියගොල්ල මහතාගේ සහ ආර්.අයි.ටී අලස් ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් ඇරඹි කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ඉතා කෙටි කාලයක් තුළ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්දිස්ථානයක් සලකුණු කිරීමට සමත්වි තිබෙනවා. ආරම්භයේ සිටම බහු ජාතික පාසලක් වශයෙන් ඇරැඹි සේනානායකය එයටම අනන්‍ය වූ උප සංස්කෘතියක් හිමි කරගැනීමට සමත්ව ඇත. විද්‍යාලයීය ආදි කර්තෘවරනායන් වන අලස් සේනානායකීය ආදි ශිෂ්‍ය හදවත් එකමුතුවෙන් මල්පල ගැන්වෙන ගුරු සිසු නොනිමි සබැදියාව

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් පසු ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල යලි පහලට

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ”දැන්” සිදුවෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තියුනු ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 97.65 ක් දක්වා සියයට 6.5 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් ට්‍රම්ප්ගේ ප්‍රකාශයකින් පසු ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල යලි පහලට

යල කන්නයට වී ගොවීන්ට පොහොර සැපයීම ගැන තීරණයක්

ඉදිරි යල කන්නයේ පොහොර සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බව වගකිව යුතු පාර්ශව සහතික කර ඇති බැවින් අනවශ්‍ය ලෙස පොහොර තොග රැස් කර ගැනීමෙන් වලකින ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාදීම ගොවිජන යල කන්නයට වී ගොවීන්ට පොහොර සැපයීම ගැන තීරණයක්

එක විදුලි බුබුලක් නිවා කල හැකි දේ

මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙරට ආර්ථීකයට ශක්තියක් වන බව ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බන්ඩාර මහතා පැවසුවේ හැත්තෑ ලක්ෂයක් පමණ වන විදුලි පාරිභෝගිකයින් වෝට් 8 ක පමණ එක් බල්බයක් පැයක කාලයක් නිවා දැමුව හොත් මෙගාවෝට් 45ක පමණ විදුලි ඉල්ලුමක් අඩු කර ගත එක විදුලි බුබුලක් නිවා කල හැකි දේ

අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්යවතාව ගැන නීති සංශෝධනය කිරීම වෙනුවෙන් සාකච්ඡා

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විෂ මත්ද්රනව්යඅ උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්ර්ව්යව අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්යවතාව ගැන නීති සංශෝධනය කිරීම වෙනුවෙන් සාකච්ඡා