Nishan Neth News

මහර සිද්ධියට විවිධ පාර්ශවවලින් ආණ්ඩුවට චෝදනා

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාර්ශව කිහිපයක් මාධ්‍ය හමුවූ පවත්වමින් සහ තවත් ස්ථානවලදී අද අදහස් පල කළා. සිරකරුවන් සුරැකීමේ කමිටුව විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සුදේශ නන්දිමාල් මහතා පැවසුවේ රැඳවූවන් මත පටවා ඇති දරා ගත නොහැකි පීඩනය නිසා මෙවැනි නොසන්සුන්තා ඇති වන බවයි. ඇතැම් නිලධාරීන් රැඳවූවන්ගෙන් පළිගන්නා ලෙස කටයුතු කරන බවට ද ඔහු … මහර සිද්ධියට විවිධ පාර්ශවවලින් ආණ්ඩුවට චෝදනා

මහර රැඳවියන් සිදුකළ විනාශය

මහර බන්ධනාගාරයේ රැඳවියන්  එම බන්ධනාගාරයෙන් දේපළ රැසකට හානි කර තිබෙනවා. ඊට අදාළ ඡායාරූප පහතින්    

මහර මාරු කළ රැඳවියන් ගණන 104 දක්වා ඉහළ

මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබෙනවා. ඒ අනුව එම රැඳවියන් දුම්බර,වැලිකඩ, බූස්ස, කලුතර,බදුල්ල,මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මාරු කර යැවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ. එලෙස මාරු කෙරුණු රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාදකය අසල ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ අතර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර … මහර මාරු කළ රැඳවියන් ගණන 104 දක්වා ඉහළ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 20 තරග ජයක්

පකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් යුත් T20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. පළමුවෙන් පපන්දුවට පහරදුන් පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් තරඟය ජය … ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 20 තරග ජයක්

මහර පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරේ

මහර බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. නෙත් නිව්ස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා ඒ බව ප්‍රකාශ කළා. මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් නොසන්සුන්තාව සැලකිල්ලට ගෙන එම බන්ධනාගාරය අවට ප්‍රදේශවල මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් ඇදිරි නීතිය … මහර පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරේ

මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට

මහර බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම රැඳවියන් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයකට ස්ථාන මාරු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. පැය 14කට අධික කාලයක් එම බන්ධනාගාරයේ පැවති නොසන්සුන්තාව අද උදෑසන 6.15 ට පමණ සම්පූර්ණයෙන්ම පාලනය කළා. ඒ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා නිලධාරීන්ගේ … මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට

මහර සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට – බන්ධනාගාරය පිටත ආරක්ෂාවත් තර කෙරේ

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා නෙත් නිව්ස් කල විමසීමකදී පැවසුවේ සියලු රැඳවියන් මේ වනවිට වාට්ටු තුළ රදවා ඇති බවයි. කෙසේවෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සදහා පොලිස්, එෆ් ටී එෆ්, යුද හමුදා … මහර සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට – බන්ධනාගාරය පිටත ආරක්ෂාවත් තර කෙරේ

මහර නොසන්සුන්තාවයෙන් බන්ධනාගාරයේ දේපළ රැසකට හානි

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් එම බන්ධනාගාරයේ දේපළ රැසකට රැඳවියන් විසින් හානි කර ඇතැයි වාර්තා වනවා. මුලින් ප්‍රකාශ වූයේ එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට රැඳවියන් විසින් ගිනි තබා ඇති බවයි. එහෙත් දැන් ලැබෙන අලුත් වාර්තාවලින් අනාවරණ වන්නේ එම බන්ධනාගාරයේ තවත් දේපළ රැසක් රැඳවියන් විසින් පහර දී විනාශ කර ඇති බවයි. සිද්ධිය පාලනය කිරීම සදහා ආරක්ෂක … මහර නොසන්සුන්තාවයෙන් බන්ධනාගාරයේ දේපළ රැසකට හානි

මහර ගැටුම් පාලනය කරන්න යුද හා පොලිස් නිලධාරීන් බන්ධනාගාරය ඇතුළට බහී

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ නිලධාරීන් එම බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වී තිබෙනවා. ඒ අනුව සිය නිලධාරීන්, යුද හමුදා සහ බන්ධනාගාර නිලධාරීන් සමග මහර බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූ බවයි පොලීසිය පැවසුවේ. බන්ධනාගාරය තුළ නොසන්සුන්තාව හටගත්තේ ඊයේ පස්වරු 4ට පමණයි. එහිදී ඇති වූ ගැටුම් හමුවේ එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රෝහල්  … මහර ගැටුම් පාලනය කරන්න යුද හා පොලිස් නිලධාරීන් බන්ධනාගාරය ඇතුළට බහී