Nishan Neth News

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහි නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමට නියෝග

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු සම්බන්ධ නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා. රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහි නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමට නියෝග

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව – මන්නාරම මාර්ගයේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී මාර්ග බාධයක් යොදා සිදුකළ හදිසි පරික්‍ෂාවකදී එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එහිදී පාර්සල් 12 ක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 728 ක් අසුරා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොලේදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මල්පැළ රැගෙනයාමට තැත් කිරීමේදීයි. ඔහු විසින් කටුනායක ගුවන් තොටුපොලේදි ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලීසියෙන් වෙඩි – තරුණයෙකු මරුට

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සදහා පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. කයිට්ස්, අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථය නැවැත්වීමට පොලීසිය විසින් සංඥා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහෙත් එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා. එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්‍ෂාව සදහා ගොස් අල්ලපිඩ්ඩි අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලීසියෙන් වෙඩි – තරුණයෙකු මරුට

සමාජ මාධ්‍ය රත් කළ සිගිති පාතාලය ගැන පොලීසියේ දැඩි අවධානය

තරුණයින් දෙපිරිසක් අතර පැවති ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරු පැදියක් සම්බන්ධ ආරවුලක් මුල් කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇත්තේ මීට මාසයකට පෙර බවයි පොලීසිය පැවසුවේ. අදාළ ගැටුමේ වීඩියෝවක් ඊයේ දිනයේ කිසියම් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඒ අනුව ගැටුමට අදාළ තරුණයෙකු ඔහුගේ මව සමග වැලිකඩ සමාජ මාධ්‍ය රත් කළ සිගිති පාතාලය ගැන පොලීසියේ දැඩි අවධානය

ඉන්දියාවට එරෙහි තරගයට ශ්‍රි ලංකාවට එන්න – ජනපති අනුර කළ ඉල්ලීමට පකිස්තානයෙන් කොළ එළියක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති ඉන්දියාවට එරෙහි තරගයට ශ්‍රි ලංකාවට එන්න – ජනපති අනුර කළ ඉල්ලීමට පකිස්තානයෙන් කොළ එළියක්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද කැදවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

කෙහෙළියගේ නඩුවක් කල් යයි

දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද නියම කළා. ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා කෙහෙළියගේ නඩුවක් කල් යයි

අගමැතිනියගේ පක්‍ෂය මහමැතිවරණයේ ජය හිමි කර ගනිද්දී ජපාන කොටස් වෙළදපොළේ සිදුවූ වෙනස

ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. මැතිවරණ ප්‍රතිඵල අනුව සනයි තකයිචිගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් හිමිව තිබෙනවා. ඒ අතරින් ආසන 316 ක්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය දිනාගෙන ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. හිටපු අගමැතිනියගේ පක්‍ෂය මහමැතිවරණයේ ජය හිමි කර ගනිද්දී ජපාන කොටස් වෙළදපොළේ සිදුවූ වෙනස