Nishan Neth News

තාවකාලික අටමස්ථානාධිපති ධුරයට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමි පත් කෙරේ

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් මල්වතු මහා විහාරය අද නිවේදනය කළා. මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු … තාවකාලික අටමස්ථානාධිපති ධුරයට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමි පත් කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක් තිස්සේ විදුලිය බිඳවැටී තිබෙනවා. බොහෝ පිරිස් වෙසක් සැරසිලි සිදුකරමින් සිටියදී සහ විහාරස්ථානවලත් තවත් ස්ථානවලත් වෙසක් පින්කම් සිදුකෙරෙමින් තිබියදීයි මෙලෙස ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී ඇත්තේ. මේ නිසා පින්කම්වල යෙදී සිටින සැදැහැවතුන් සහ සැරසිලි සිදු කරන්නන් ඉමහත් පීඩාවකට පත්ව සිටිනවා. මේ පිළිබඳ කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා … කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ

ජනපති සමාව හිමි වූ සිරකරුවන් 33කට අද නිදහස

සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් එම සිරකරුවන්ට එලෙස සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. එලෙස ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන් 61ක් දෙනාගෙන් 33 දෙනෙකු අද දිනයේ … ජනපති සමාව හිමි වූ සිරකරුවන් 33කට අද නිදහස

මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන් අදත් දන්සැල් පරික්ෂාවේ

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයිනපුරා සංවිධාන කර ඇති දන්සැල් අද දිනයේද විශේෂ පරික්‍ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දන්සැල් සදහා නිකුත් කර ඇති විශේෂ මාර්ගෝපදේශ මාලාව යටතේ එම දන්සැල් පවත්වන්නේදැයි එහිදි දැඩිව පරීක්‍ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් … මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන් අදත් දන්සැල් පරික්ෂාවේ

දිවයින පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

දිවයින පුරා අද සිට ඉදිරි දින කිහිපයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. සැදැහැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල නිරතවීම සහ වෙසක් සිරි නැරඹිම සදහා එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරී සදහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා … දිවයින පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

සියළු වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

සම්බුදු තෙමඟුල සිහි කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පිංකම් අද දවස පුරා සංවිධාන කර තිබෙනවා. එමෙන්ම සෑම වෙහෙර විහාරස්ථානයකම අද උදැසන සිට සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටිනවා. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අඨමස්ථානය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, කොළඹ ගංගාරාම විහාරස්ථානය, කැළණිය රජමහා විහාරය, බෙල්ලන්විල රජ මහා විහාරය, කළුතර බෝධිය ඇතුළු දිවයිනේ … සියළු වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්

වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම … වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් ජනපතිගෙන් පණිවුඩයක්

අගමැතිනියත් වෙසක් දින පණිවුඩයක් නිකුත් කරයි

පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත වෙනුවෙන් කැපවෙන, ධර්මයෙන් බැබළෙන දේශයක් උදාකර ගැනීමට මෙවර වෙසක් මංගල්‍යය ශක්තියක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. මෙවර වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් විය යුතු … අගමැතිනියත් වෙසක් දින පණිවුඩයක් නිකුත් කරයි

විපක්‍ෂ නායකවරයාගෙනුත් වෙසක් දින පණිවුඩයක්

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා ඒ බව පැවසුවා. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ වෙසක් දින පණිවුඩය පහතින්. 2026.05.30 තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන … විපක්‍ෂ නායකවරයාගෙනුත් වෙසක් දින පණිවුඩයක්