Nishan Neth News

බීඩි කොළ තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු ඩිංගි යාත්‍රවක් සමග නාවික හමුදා භාරයට

නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය ආලංකුඩ මුහුදු ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදියි. එහිදී උර විස්සක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි දෙකක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා. එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද සිය … බීඩි කොළ තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු ඩිංගි යාත්‍රවක් සමග නාවික හමුදා භාරයට

සිරගත කළ තක්සින් ෂිනවත්‍රාට නිදහස හිමි වූ හේතුව

බන්ධනාගාර ගත කර සිටි තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන තක්සින් ෂිනවත්‍රාට නිදහස හිමිව තිබෙනවා. 76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා 2001 වසරේ සිට 2006 වසර දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබූ අතර ඔහුගේ ධූර කාලය අතර ඇති වු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම වී තිබුණා. කෙසේවෙතත් එරට රජු … සිරගත කළ තක්සින් ෂිනවත්‍රාට නිදහස හිමි වූ හේතුව

ඇත්තටම පොහොර හිගයක් තියෙනවාද?

රට තුළ පොහොර හිගයක් පවතින බවට ඇතමුන් ප්‍රකාශ කළ කිසිදු පොහොර හිගයක් නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. රජය මැදිහත්වී ගොවි ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි මේ වන විටත් සහන මිලට පොහොර ලබාදෙමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. කෙසෙවෙතත් පසුගිය දින කිහිපය පුරාම ගොවීන් චෝදනා කළේ සිය වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති බවයි.

ගැරඩිඇල්ල බස් අනතුරට අදට වසරයි – අනතුර සිදුවූ ස්ථානයේ අද කළ දේ

පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි වූ ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ රිය බස් රථ අනතුර සිදුවී අදට වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අනතුර සිදුවූ ස්ථානයේදී මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරමින් සහ අනතුරින් තුවාල ලබා තවදුරටත් ප්‍රතිකාර ලබන පුද්ගලයන්ට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කොත්මලේ පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව එම ආගමික වතාවත් සංවිධාන … ගැරඩිඇල්ල බස් අනතුරට අදට වසරයි – අනතුර සිදුවූ ස්ථානයේ අද කළ දේ

කැළඹිලි ස්වභාවය දැන් තියෙන තැන ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මේ වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 700 ක් පමණ දුරින් වූ බෙංගාල බොක්කේ ඊසාන දෙසින් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම කැළඹිලි ස්වභාවය ඉදිරි කිහිපයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ. ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි … කැළඹිලි ස්වභාවය දැන් තියෙන තැන ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

සමාජ මාධ්‍ය කැළඹු හෙල්මට් නොමැතිව තවත් දෙදෙනෙකු දමා ගෙන යතුරු පැදිය පැදවූ තරුණිය අත්අඩංගුවට

හිස්වැසුම් නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරු පැදියක තවත් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගිය පැදිකාරිණිය ලෙස කටයුතු කළ තරුණියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණියන් තිදෙනෙකු එලෙස අනාරක්ෂිත ලෙස යතුරුපැදියක ගමන් ගත් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. ඒ සම්බන්ධයෙන් බුත්තල පොලීසිය මගින් විමර්ශන ආරම්භ කළා. ඒ අනවු එම යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය වන පැදිකාරිය සහ පසුපස ගමන් … සමාජ මාධ්‍ය කැළඹු හෙල්මට් නොමැතිව තවත් දෙදෙනෙකු දමා ගෙන යතුරු පැදිය පැදවූ තරුණිය අත්අඩංගුවට

මාලිම්බඩ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැලක ගින්නක්

මාලිම්බඩ, නාගොඩ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැලක හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව පොලීසිය පවසනවා. එම ගින්න හටගෙන තිබුණේ උදෑසන 6.25 ට පමණයි. වහා ක්‍රියාත්මක වූ මාලිම්බඩ පොලීසිය ගින්න නිවීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවීම් රථ කැදවා තිබෙනවා. ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව එම ගින්න නිවා දැමූ … මාලිම්බඩ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැලක ගින්නක්

යාල්දේවී යළිත් අද සිට ධාවනයේ

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී දුම්රිය යළි ධාවනය අද සිට ආරම්භ වුණා. ඒ අනුව යාල්දේවී දුම්රිය සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ කොටුවෙන් යාල්දේවී ගමන් ආරම්භ කරන්නේ උදෑසන හයයි හතලිහටයි. අනුරාධපුරයට පෙරවරු 10.50ටත්, වව්නියාවට පෙරවරු 11.35 ටත් යාපනයට පස්වරු 2.10 ටත් ළගාවීමට නියමිත යාල්දේවී … යාල්දේවී යළිත් අද සිට ධාවනයේ

වැඩි වූ විදුලි ගාස්තු අය කිරීම අද සිට

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180 ට වැඩි කාණ්ඩවලට වැඩි වූ විදුලි ගාස්තුව අද සිට අය කෙරෙනවා. ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළේ එම ඛාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බවයි. කෙසේවෙතත් මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා සියයට 95ක පමණ පාරිභෝගිකයන්ට ඉන් බලපෑමක් සිදු … වැඩි වූ විදුලි ගාස්තු අය කිරීම අද සිට