Nishan Neth News

ගෑස් මිල ඉහළ ගිය නිසා මිල වැඩි වූ ආහාර මෙන්න

ගෑස් මිළ ඉහළ දැමීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු සහ රයිස් මිල ගණන් රුපියල් 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් කෙටි ආහාරවල මිල ගණන් රුපියල් 10කින් අඩු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ. ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ එම … ගෑස් මිල ඉහළ ගිය නිසා මිල වැඩි වූ ආහාර මෙන්න

පාකිස්ථානයට අහිමි වන ආදායම් ගැන අනාවරණයක්

පකිස්ථානයේ නීතිවිරෝධී නිෂ්පාදන සහ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පවතින දුර්වල නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, එරටට වාර්ෂිකව රුපියල් බිලියන 300කට (ඩොලර් බිලියන 1.1ක්) අධික ආදායමක් අහිමි වන බව සාර්ව ආර්ථික විශ්ලේෂක ඔසාමා සිද්දිකි පවසයි. දුම්කොළ අංශය සම්බන්ධයෙන් නිසි පියවරක් ගතහොත් රටේ වර්ධනය වන ආදායම් පරතරය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. මෙම … පාකිස්ථානයට අහිමි වන ආදායම් ගැන අනාවරණයක්

බංග්ලාදේශ විදේශ ඇමති ඉන්දියාවට

කලාපීය සහයෝගීතාවය සහ අවිහිංසාවාදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැදගත් පියවරක් ලෙස, බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් රහ්මාන් ඉන්දියාවේ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වීමට නියමිතය. එරට අග්‍රාමාත්‍යවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක හුමායුන් කබීර් ද මෙම සංචාරය සඳහා ඔහු සමඟ එක්වනු ඇත. මෙය බංග්ලාදේශයේ වත්මන් රජය පිහිටුවීමෙන් පසු ඉන්දියාවේ සිදුවන පළමු අමාත්‍ය මට්ටමේ සංචාරය … බංග්ලාදේශ විදේශ ඇමති ඉන්දියාවට

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, අද (5) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණයකට අනුවයි. එම සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟතාව පළ කර තිබුණා. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. එය සැලකිල්ලට ගනිමින් සිය වර්ජනය අද පෙරවරු අටේ සිට තාවකාලිකව … වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

වත්තල කර්මාන්ත ශාලාවක ගින්නක්

වත්තල, දූව වත්ත ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා සිය භටයින් 13 දෙනෙකු සමග ගිනි නිවීම් රථ 3 ක් එම ස්ථානයට යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිසර නාවික හමුදා කදවුරේ ගිනි නිවීම් රථයක්ද එම ස්ථානයට කැඳවා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

රුපියල් 5,000 දක්වා වූ සියලුම ඛ්භණ් ූඍ ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබෙනවා. කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් … ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

වෛද්‍ය වර්ජනය තවදුරටත් සිදු කරනවාද? නැද්ද? – තීරණය පෙරවරුවේ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද (06)  උදෑසන අට දක්වා ක්‍රියාත්මකයි. කෙසේවෙතත් උදෑසන අටට සිය විධායක සභාව රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බවයි එම සංගමයේ ලේකම් වෛද ප්‍රභාත් සුගතදාස මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේද අවස්ථා කිහිපයකදී වැඩවර්ජනයක නිරත වුණා. ඒ අනුව රෝගී සත්කාරක සේවා ක්‍රියාත්මක … වෛද්‍ය වර්ජනය තවදුරටත් සිදු කරනවාද? නැද්ද? – තීරණය පෙරවරුවේ

ගෑස් මිල ඉහළ දැම්මේ ඇයි? ලිට්‍රෝ හේතු කියයි

ගෑස් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ එල් පී ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීම හා ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් … ගෑස් මිල ඉහළ දැම්මේ ඇයි? ලිට්‍රෝ හේතු කියයි

චීනයේ ප්‍රමුඛ සමාගමක් බ්‍රසීලය බ්ලැක් ලිස්ට් කරයි

චීන කම්කරුවන් මිනිස් ජාවාරමට සහ අයුතු ගිවිසුම්වලට ගොදුරු වූ බවට එල්ල වූ චෝදනා මත පදනම්ව, බ්‍රසීලය විසින් චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි වාහන නිෂ්පාදන සමාගමකට වහල් සේවයට සමාන තත්ත්වයන් යටතේ සේවකයන් යොදවාගත් සේවා යෝජකයන්ගේ ලේඛනයට (කළු ලැයිස්තුවට) ඇතුළත් කර ඇත. බ්‍රසීල කම්කරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුව, චීනයට පසුව එම මෝටර් රථ නිෂ්පාදකයාගේ … චීනයේ ප්‍රමුඛ සමාගමක් බ්‍රසීලය බ්ලැක් ලිස්ට් කරයි