Nishan Neth News

පාකිස්ථානයේ දේශසීමා මුරපළක් අල්ලා ගත් බව තලේබාන් කියයි

පකිස්ථාන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් පසුව නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පකිස්ථාන දේශසීමා මුරපොලක් අත්පත් කරගත් බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කළේය. දෙපාර්ශවය අතර පවතින මෙම දේශසීමා ගැටුම් මේ වන විට හයවන සතියටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. තලේබාන් පාලනය යටතේ පවතින ජාතික විකාශන ආයතනය වන RTA, කොස්ට් (Khost) ප්‍රදේශයේ ප්‍රාදේශීය තලේබාන් නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කළේ, තලේබාන් සහ පකිස්ථාන … පාකිස්ථානයේ දේශසීමා මුරපළක් අල්ලා ගත් බව තලේබාන් කියයි

අමෙරිකා – ඉරාන යුද්ධයට සටන් විරාමයක්

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා වන විශේෂ සාම සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. පාකිස්ථානය විසින් සකස් කරන ලද මෙම රාමුව මගින් අදියර දෙකකින් යුත් විසඳුමක් යෝජනා කර ඇති අතර, එහි මූලික පියවර අද සිටම ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර … අමෙරිකා – ඉරාන යුද්ධයට සටන් විරාමයක්

සුව ඇමති සාකච්ඡාව දුන් හේතුව වෛද්‍ය සංගමය හෙළි කරයි

සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පියවර ගත්තා. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ගත් තීරණයකට අනුවයි. එම සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟතාව පළ කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යාවරයා සමග එම සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ … සුව ඇමති සාකච්ඡාව දුන් හේතුව වෛද්‍ය සංගමය හෙළි කරයි

කළුබෝවිලදි චීන කතක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

කළුබෝවිල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක කාමරයක් තුළදී විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 26 වන වියේ පසු වන චීන ජාතිකයෙක්. කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක සැඟව සිටියදී බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත්තා. … කළුබෝවිලදි චීන කතක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

ගාල්ලේ ෆේස්බුක් සාදයකට සුරාබදු නිලධාරීන් පනී

අහංගම ගොවියාපාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදී බීර මිලි ලීටර් 38,280ක් සහ දේශීය හා විදේශීය මත්පැන් මිලි ලීටර් 5,750ක් සිය භාරයට ගත් බවයි ගාල්ල සුරාබදු කාර්යාලය සදහන් කළේ. මේ අතර යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග තරුණයෙකු පොලීසිය විසින් … ගාල්ලේ ෆේස්බුක් සාදයකට සුරාබදු නිලධාරීන් පනී

සඳ ගමනේ ගිය ”ඔරායන්” සමග පෘථිවි සම්බන්ධතා ගිලිහෙයි

අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක් සනිටුහන් කරමින්, සඳ වටා යන ”ආටෙමිස් 2” මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපයක් දැන් උදාවී තිබෙනවා. නාසා ආයතනය පවසන්නේ ගඟනගාමීන් 4 දෙනෙකු සමග සඳ කරා ගමන් කරමින් තිබෙන ඔරායන් යානය මේ වනවිට සඳුගේ ගුරුත්වාකර්ෂණ බල ප්‍රදේශයට ඇතුළු වෙමින් සිටින බවයි. යානයේ ගමන් මඟ තවදුරටත් නිවැරදි කිරීම සඳහා වේග පාලනය හූස්ටන් පාලන මැදිරිය සහ … සඳ ගමනේ ගිය ”ඔරායන්” සමග පෘථිවි සම්බන්ධතා ගිලිහෙයි

දක්‍ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් – තුවාල ලැබූවන් බේරා ගන්න වෛද්‍ය යුවළකුත් එක්වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර, කිලෝමීටර් 39යි දශම 3 සීමාවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. මාර්ගය අයිනේ නවත්වා රෝදයක් මාරු කරමින් තිබූ කන්ටේනර් රථයක, පිටුපසින් පැමිණි සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසරය ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. කන්ටේනරය කොළඹ සිට මිදිගම දෙසට ධාවනය කෙරෙමින් තිබුණු … දක්‍ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් – තුවාල ලැබූවන් බේරා ගන්න වෛද්‍ය යුවළකුත් එක්වෙයි

වසර එක හමාරකට පසු ගොඩගත් හාවාගේ මළ සිරුර

හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වලදමා තිබූ පුද්ගල මළසිරුරක් අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් අද යළි ගොඩගත්තා. ඒ හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය ඉදිරියේදීයි. මෙලෙස ගොඩගැණුනේ වසර එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ සදුන් උදාර අල්විස් නොහාත් හාවා නමැත්තෙකුගේ සිරුර බවට විශ්වාස කෙරෙනවා. සදුන් උදාර අල්විස් නොහාත් හාවා පානදුර , හිරණ , කිරිබේරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටී … වසර එක හමාරකට පසු ගොඩගත් හාවාගේ මළ සිරුර

QR ගැන බයවෙන්න එපා – ජනපති අනුරගෙන් සහතිකයක්

ඩිජිටල් ගණුදෙනු සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් හා ඒවා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ QR කේත ක්‍රමය භාවිත කිරීම යනු කිසියම් දෙයක් සීමා කිරීමක් නොවන බවයි. ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ … QR ගැන බයවෙන්න එපා – ජනපති අනුරගෙන් සහතිකයක්