Nishan Neth News

අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදියක ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි පුද්ගලයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත කුරුවිට පොලිසිය කල වැටලීමකදියි. සැකකාර පොලිස් නිලධාරියා සබරගමුව පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බවයි වාර්තා … අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදියක ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරි පුද්ගලයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

නායකත්වය ගැන දැඩි කතාබහක් මැද සන්රයිසස් මෙවර IPL පළමු ජය වාර්තා කරයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්. කොල්කටා ඊඩ්න්ස් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 226ක් රැස් කළා. හෙන්රික් ක්ලාසන් පන්දු 35කදී ලකුණු … නායකත්වය ගැන දැඩි කතාබහක් මැද සන්රයිසස් මෙවර IPL පළමු ජය වාර්තා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ, ඉරානයට ඉදිරි සති දෙක, තුන දක්වා කාලයක තුළ දැඩි ලෙස පහර දෙන බවටත් ඔවුන් ගල් යුගයට නැවත ගෙන යන බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයෙන් අනතුරුවයි. ටෙහෙරාන් නුවර පිහිටි සියවසක් පමණ පැරණි වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක්, පාලමක් සහ … අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කරයි

විදුලිබිල වැඩි වුණ නිසා ජල බිලත් වැඩි වෙයිද? මණ්ඩලයෙන් ප්‍රතිචාර

විදුලි ගාස්තු වැඩිවීම හේතුවෙන් මෙම අවස්ථාවේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසනවා. එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පැවසුවේ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සලකා බලන්නේ වසරකට දෙවතාවක් බැවින් ජුනි මස 30 දක්වා ජල ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි. පවතින වියලි කාළගුණ තත්වය හේතුවෙන් ජල සැපයුම … විදුලිබිල වැඩි වුණ නිසා ජල බිලත් වැඩි වෙයිද? මණ්ඩලයෙන් ප්‍රතිචාර

කෝටි 25 කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදි සයිලන්සර් හතරකින් සොයාගැනේ

රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙකු … කෝටි 25 කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදි සයිලන්සර් හතරකින් සොයාගැනේ

ඔබේ දරුවාත් වෙනත් පාසලකට ඇතුළත් කිරීමට අපේක්ෂාවෙන් සිටියා ද?

2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල (5 සහ 6 ශ්‍රේණි හැර) පවත්නා පුරප්පාඩු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ්  අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 09/2026 චක්‍රලේඛයෙහි  සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වනවා. එලෙස සම්පූර්ණ කරන අයදුම්පත් 2026.04.27 දිනට පෙර සියලු අතිරේක … ඔබේ දරුවාත් වෙනත් පාසලකට ඇතුළත් කිරීමට අපේක්ෂාවෙන් සිටියා ද?

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා. මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් ඒ මහතා රෝගාතුරව සිටියා. මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වනවා.

පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමට යමින් සිටි සිසුන් දෙදෙනෙකුට අත් වූ ඉරණම

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසැල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සදහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුන් දෙදෙනෙකු රිය අනතුරට ලක්ව එක් සිසුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. නුවර – දිගන ප්‍රධාන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කදවුර ඉදිරිපිටදී එම … පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමට යමින් සිටි සිසුන් දෙදෙනෙකුට අත් වූ ඉරණම

හිටපු ඇමති චමල්ගේ පුත්‍රයෙකුට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අල්ලස් කොමිසම විසින් … හිටපු ඇමති චමල්ගේ පුත්‍රයෙකුට වරෙන්තු