Nishan Neth News

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් ගිනි ගනී

දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික නඩයක් ගමන් ගත් බස් රථයක් අග්‍රා ප්‍රදේශයේදී ගිනිගෙන තිබෙනවා. කෙසේවෙතත් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ. එහි මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි. එම අවස්ථාවේ … දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් ගිනි ගනී

ඩොලරය වෙනුවට ඉන්දියාව විකල්ප මුදල් ඒකකවලට

භූ-දේශපාලනික නොසන්සුන්තාවන් සහ ඇමරිකානු ප්‍රතිපත්තිවල වෙනස්වීම් හමුවේ ඩොලරය මත පවතින රැඳියාව අඩු කර ගැනීමේ අරමුණින්, ඉන්දීය තෙල් පිරිපහදු සමාගම් රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා විකල්ප මුදල් ඒකක භාවිතා කිරීම වඩ වඩාත් වැඩි කර ඇති බව මෙම විෂය පිළිබඳව දන්නා ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග වලට අනුව, මෙම ගනුදෙනු සිදු කරනු ලබන්නේ රුසියානු විකුණුම්කරුවන් සතු … ඩොලරය වෙනුවට ඉන්දියාව විකල්ප මුදල් ඒකකවලට

විදුලි ගාස්තුව ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල්  1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ  අනුමැතිය හිමිව  තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහත දක්වා තිබෙනවා. 2026 මාර්තු 30 ප්‍රවෘත්ති නිවේදනය 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් මස 1 වැනිදා සිට … විදුලි ගාස්තුව ඉහළට

RMV ලොක්කා යළි රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රේල් මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහු අද කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය සිකුරාදායි. මේ අතර … RMV ලොක්කා යළි රිමාන්ඩ්

දෙවන කාර්තුවේ විදුලි බිල වැඩි වෙයිද? තීරණය අද පස්වරුවේ

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණය අද පස්වරුවේ දැනුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාව විසින්. ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේදී අද පස්වරු දෙකට පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි. විදුලි ගාස්තු සියයට 13යි දශම 5යි 6කින් ඉහළ දැමීමට … දෙවන කාර්තුවේ විදුලි බිල වැඩි වෙයිද? තීරණය අද පස්වරුවේ

දිවයිනට රැගෙන ආ මිදිගම චූටි පස්වරුවේ අධිකරණයට

ඕමානයේදි අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව කියන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි නමැත්තා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් … දිවයිනට රැගෙන ආ මිදිගම චූටි පස්වරුවේ අධිකරණයට

නීතිවිරෝධීව මෙරට රැදි සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද අලු‍යම චීනය වෙත පිටුවහල් කර තිබෙනවා. ඔවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. මෙම චීන ජාතිකයන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, අනුරාධපුරය ප්‍රදේශයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටියදී ඉකුත්දා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් … නීතිවිරෝධීව මෙරට රැදි සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු පිටුවහල් කෙරේ

ඕස්ටේ්‍රලියාවේ පොදු ප්‍රවාහනය නොමිලේ ක්‍රියාත්මක කිරීමට තීරණයක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, මැදපෙරදිග අර්බුද හමුවේ ගෝලීය සැපයුම්වලට එල්ල වී ඇති බාධා හේතුවෙන්, ඉහළ යන ඉන්ධන පිරිවැයේ බර ලිහිල් කිරීම සදහායි. වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ අප්‍රේල් මාසයේදී දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ නොමිලේ ක්‍රියාත්මක කිරීමටයි. ජූලි පළමු වනදා තෙක් බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන … ඕස්ටේ්‍රලියාවේ පොදු ප්‍රවාහනය නොමිලේ ක්‍රියාත්මක කිරීමට තීරණයක්

ජපාන අගමැති අමෙරිකාවේ සංචාරයක

2026 මාර්තු වන විට ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි (Sanae Takaichi) චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමරිකානු- ජපාන සන්ධානය ශක්තිමත් කර ඇති අතර, තායිවානය ආශ්‍රිතව ඇති විය හැකි හදිසි තත්ත්වයන් හමුවේ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. චීනය සම්බන්ධයෙන් දැඩි මතධාරියෙකු ලෙස සැලකෙන ටකයිචි, තායිවානය ආරක්ෂා කිරීමට ජපාන හමුදාවන්ට සහාය විය හැකි බව වක්‍රව … ජපාන අගමැති අමෙරිකාවේ සංචාරයක