Nishan Neth News

සමාජ මාධ්‍ය කැළඹූ හැටන් පාසල් සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමට හේතුව එළියට

හැටන් පොලිස් වසමේ පාසලක පන්ති කාමරයක සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා කොන්දේසියකට යටත්ව ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදී තිබෙනවා. පොලීසිය පැවසුවේ නැවත දැනුම් දුන් අවස්ථාවක විමර්ශන කටයුතු සදහා එම සිසුන් පොලීසියට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත එලෙස දෙමව්පියන්ට භාරදුන් බවයි. අදාළ පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර පන්ති කාමරයක් තුළදී … සමාජ මාධ්‍ය කැළඹූ හැටන් පාසල් සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමට හේතුව එළියට

අමෙරිකාව ගොඩබිම් ආක්‍රමණයකට රහසිගතව සැලසුම් කරමින් සිටින බවට ඉරානයෙන් චෝදනා

යුද්ධය අවසන් කිරීම සදහා සාකච්ඡා ගැන කතා කරමින් අමෙරිකාව රහසිගතව ගොඩබිම් ආක්‍රමණයක් සැලසුම් කරමින් සිටින බවට ඉරානය චෝදනා කරනවා. ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලීබාෆ් ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා අමෙරිකානු හමුදා එනතුරු බලා සිටින බවයි. යුද්ධය හරහා සාක්‍ෂාත් කර ගැනීමට අසමත් වූ දේ සාකච්ඡා හරහා සාක්‍ෂාත් කර ගැනීමට අමෙරිකාව බලාපොරොත්තු වන බවද එරට පාර්ලිමේන්තුවේ … අමෙරිකාව ගොඩබිම් ආක්‍රමණයකට රහසිගතව සැලසුම් කරමින් සිටින බවට ඉරානයෙන් චෝදනා

බන්ධනාගාර ලොකු පුටුවේ වැඩබලන්න අලුත් මුහුණක්

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පත් කර තිබෙනවා. ඒ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගැනීම හේතුවෙන්. නිෂාන් ධනසිංහ මහතා මීට පෙර ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර වසර කිහිපයකට පෙර ඔහු … බන්ධනාගාර ලොකු පුටුවේ වැඩබලන්න අලුත් මුහුණක්

රිමාන්ඩ් කළ RMV ලොක්කා දුම්බරින් රැගෙන යන තැන

රක්‍ෂිත බන්ධනාගාරගත කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් මත ඔහු පසුගියදා අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට … රිමාන්ඩ් කළ RMV ලොක්කා දුම්බරින් රැගෙන යන තැන

චීන රොබෝලාට අමෙරිකාවෙන් තහනමක්

චීන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මිනිස් ස්වරූපී රොබෝවරුන් (humanoid robots) රජය විසින් මිලදී ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කෙරෙන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන් දෙදෙනෙකු සැලසුම් කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ චීන තාක්ෂණය හරහා සිදුවිය හැකි ජාතික ආරක්ෂක අවදානම් සහ දත්ත රහස්‍යභාවය පිළිබඳ පවතින උත්සුකයන් සැලකිල්ලට ගනිමින්. සෙනෙට් සභිකයන් වන ටොම් … චීන රොබෝලාට අමෙරිකාවෙන් තහනමක්

පොලිස් නිලධාරීන්ට සහනයක්

පොලිස් නිලධාරීන්ට මසකට අවම ලෙස දින තුනක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. ඉකුත් කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම හේතුවෙන් ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබෙන අතර එම කරුණු සැළකිල්ලට ගනිමින් මෙම තිරණ ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල … පොලිස් නිලධාරීන්ට සහනයක්

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් බලපෑමට ලක්වූවන්ට සහන සලසන්න විශේෂ වැඩපිළිවෙලක්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සමඟ බලපෑමට ලක් වූ පාර්ශ්වයන් හඳුනාගෙන ඉදිරියේදී ඔවුන් සඳහා සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඔහු පැවසුවේ ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි. මේ අතර මාර්ගගත ක්‍රමය හරහා සේවාවන් ලබා ගැනීමට ඇති අවස්ථාවන් සොයා … පවතින අර්බුදකාරී තත්ත්වයෙන් බලපෑමට ලක්වූවන්ට සහන සලසන්න විශේෂ වැඩපිළිවෙලක්

ඉරාන යුද්ධයෙන් චීන ආර්ථිකයටත් බලපෑම්

ඉරානය සම්බන්ධ යුදමය තත්ත්වය මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතින අතර, එමගින් චීනය පවතින අවධමනකාරී (deflation) තත්ත්වයෙන් මුදා හැර වඩාත් හානිකර ”‍නරක උද්ධමන”‍ (bad inflation) අවධියකට තල්ලු‍ කළ හැකි බව ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවනවා. වසර ගණනාවක් තිස්සේ චීනය දුර්වල ඉල්ලු‍ම, පහත වැටෙන මිල ගණන් සහ අතිරික්ත කාර්මික ධාරිතාවය වැනි ගැටලු‍වලින් පීඩා විදිනවා. … ඉරාන යුද්ධයෙන් චීන ආර්ථිකයටත් බලපෑම්

ඕමානයේදි ඇල්ලූ මිදිගම චූටි දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි අද අලුයම ඕමානයේ සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ, විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්. මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ඔහු මෙරට අධිකරණ කිහිපයකදීම චෝදනාවට ලක්ව තිබෙනවා. මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සදහා … ඕමානයේදි ඇල්ලූ මිදිගම චූටි දිවයිනට රැගෙන එයි