Nishan Neth News

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිලත් වැඩි වෙයිද?

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය පවසනවා. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමග වෙළද අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එම සංගමය මේ බව පවසා තිබෙනවා. මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය … බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිලත් වැඩි වෙයිද?

කෙහෙළිය ඇතුළු පිරිසකට අධිකරණය දුන් අලුත්ම නියෝගය

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කුවැල්ල මහතා සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවත් … කෙහෙළිය ඇතුළු පිරිසකට අධිකරණය දුන් අලුත්ම නියෝගය

ක්ෂය රෝගයෙන් පාකිස්ථානයේ දිනකට 140 ක් මියයයි

මාර්තු 24 වනදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කළේ පකිස්ථානය තුළ දිනකට පුද්ගලයන් 140 දෙනෙකු ක්ෂය රෝගය හේතුවෙන් මිය යන බවයි. පකිස්ථාන රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට මතක් කර දෙන්නේ ක්ෂය රෝගය සුව කළ හැකි රෝගයක් බවත්, ජීවිත බේරා ගැනීම සඳහා රෝගය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය බවත්ය. … ක්ෂය රෝගයෙන් පාකිස්ථානයේ දිනකට 140 ක් මියයයි

බස් හිමියන්ට ආණ්ඩුවෙන් රතු එළියක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අමාත්‍යවරයා බස් හිමියන්ට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් … බස් හිමියන්ට ආණ්ඩුවෙන් රතු එළියක්

වනිදු අවදානමක

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමේ අවදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ, ඔහුගේ පාදයක හටගත් මාංශ පේශි ආබාධයක් හේතුවෙන්. වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවටද වාර්තා වනවා. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට … වනිදු අවදානමක

දෛනිකව හදුනා ගන්නා පිළිකා රෝගීන් ගැන අනාවරණයක්

ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. ඔහු කියා සිටියේ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේ වන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි … දෛනිකව හදුනා ගන්නා පිළිකා රෝගීන් ගැන අනාවරණයක්

සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගංගාරාමයට එන සැදැහැවතුන්ට දැනුම්දීමක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්‍ෂා කරන සැදැහැවතුන්ට අද රාත්‍රී 10 ට පෙර පෝලිම්වලට එක්වන්නැයි ඉල්ලීමක් කරනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කරන බවයි. මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම … සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගංගාරාමයට එන සැදැහැවතුන්ට දැනුම්දීමක්

සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් ව්‍යාපෘතියකට සංචාරක මණ්ඩලය නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනේ

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් … සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් ව්‍යාපෘතියකට සංචාරක මණ්ඩලය නිකුත් කළ ලිපියක් ඉවත් කර ගැනේ