Nishan Neth News

අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක … අල්ලස් කොමිසමෙන් අලුත් වැඩක්

වියළි කාලගුණය නිසා ජල සැපයුම ගැන ගත් අලුත්ම තීරණය

පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම සීමාකිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අතිරේක … වියළි කාලගුණය නිසා ජල සැපයුම ගැන ගත් අලුත්ම තීරණය

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් කොටු කරගත් මෙහෙයුම

පංචිකාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිටකොටුව පොලීසිය පැවසුවේ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 934 යි මිලිග්‍රෑම් 575ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 710 යි මිලිග්‍රෑම් 603ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 යි මිලිග්‍රෑම් 575 ක් සහ මත්පෙති 300 ක් සොයාගත් බවයි. එමෙන්ම විද්්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් අට … මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් කොටු කරගත් මෙහෙයුම

කැබ් රථයක්, ට්‍රැක්ටරයක ගැටී අඹුසැමි යුවළක් ජීවිතක්‍ෂයට

මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරා, කැබ් රථයේ රියදුරා හා එහි පසුපස ගමන්ගත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල … කැබ් රථයක්, ට්‍රැක්ටරයක ගැටී අඹුසැමි යුවළක් ජීවිතක්‍ෂයට

තැපෑලේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් යොදා ගනිමින් වංචාවක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් භාවිත කරමින් සිදුකරන වංචාවක් පිළිබද තොරතුරු වාර්තා වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ජංගම දුරකථන කෙටි පණිවිඩ මගින් විවිධ පුද්ගලයන්ට දැනුම්දී ඇති බවයි. එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා මෙම වංචාව සිදු … තැපෑලේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් යොදා ගනිමින් වංචාවක්

කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්

කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබා දීම සදහා නව වැඩපිලිවෙලක් සකස් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. ලේකම්වරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාල අංශ පවා දැනුවත් කර ඇති බවයි. ඒ අනුව ඉන්ධන ලීටර් 400ට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට සිය බලප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි වනවා. එමෙන්ම … කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්

FBI ප්‍රධානියෙකුට එල්ලවූ ඉරාන හැකර් ප්‍රහාරය

ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය හෙවත් FBIහි අධ්‍යක්ෂ කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්්‍යුත් තැපැල් ගිණුම හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් එය සිදුකර තිබෙනවා. කාශ් පටෙල්ගේ පෞද්ගලික විද්්‍යුත් තැපෑලට ඇතුළු වූ හැකර්වරුන් එහි තිබූ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව ඇතුළු තොරතුරු රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. … FBI ප්‍රධානියෙකුට එල්ලවූ ඉරාන හැකර් ප්‍රහාරය

ඉන්දියාවෙන් ආ නැවේ ඉන්ධන ගොඩබෑම ඇරඹේ

ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කිරීමත් සමඟයි. මේ අතර, ඉන්දියාවේ සිට ඉන්ධන නෞකාවක් ද මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් මෙම … ඉන්දියාවෙන් ආ නැවේ ඉන්ධන ගොඩබෑම ඇරඹේ

IPL අද සිට

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින 2026 IPL, ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රි 7යි 30 ට බෙංගලූරු හිදී ආරම්භ වනවා. සමාරම්භක තරගයේදී වත්මන් ශූර රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එකිනෙකා මුණගැසීමට නියමිතයි. කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භ වීමටත් පෙර රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ද එතරම් සුබදායී … IPL අද සිට