Nishan Neth News

විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අරඹයි

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමින්. කාසියේ වාසියේ හිමිකර ගත් අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවි ලකුණු 163 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 43කදී … විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අරඹයි

ඉන්දියාවට ගිය ටිල්වින් එරට විදේශ ඇමතිට කිව්ව දේ

ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් සිදුවුණා. එහිදී දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සංවර්ධන අවස්ථා මෙන්ම සුබසාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී … ඉන්දියාවට ගිය ටිල්වින් එරට විදේශ ඇමතිට කිව්ව දේ

ගුරු සේවයට අයදුම්කරන උපාධිධාරීන්ට දැනුම්දීමක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම පිළිබද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින … ගුරු සේවයට අයදුම්කරන උපාධිධාරීන්ට දැනුම්දීමක්

බීමතින් සිටින පොලිස් නිලධාරීන් පිරිසක් ගැන අනාවරණයක්

බගවන්තලාව පොලිස් ස්ථානයේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධකින් පහරදී තිබෙනවා. බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අධික ලෙස බීමත්ව සිට ඇති එම පොලිස් නිලධාරින් දෙදෙනා අතර පොලිස් ස්ථානය තුලදී බහින්බස් වීමක් සිදු වී තිබෙනවා. පසුව පොලිස් … බීමතින් සිටින පොලිස් නිලධාරීන් පිරිසක් ගැන අනාවරණයක්

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න ආණ්ඩුව ගන්න යන පියවර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව එම පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ. … මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න ආණ්ඩුව ගන්න යන පියවර

කදානේ නිවසකින් හමුවූ T56 ජීව උණ්ඩ

කදාන, වීදි මාවත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ T56 ජීව උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා. ඒ, කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි. පසුගියදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන ලද සැකකරුවෙකු රැදවුම් නියෝග මත රදවාගෙන එම කාර්යාංශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ එම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන … කදානේ නිවසකින් හමුවූ T56 ජීව උණ්ඩ

වත්තල විශේෂ සෝදිසි මෙහෙයුමක්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති හත් ලක්‍ෂ 44,500 ක තොගයක් වත්තලදී සොයාගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. එම සැකකරුවන්, ඖෂධ පෙති … වත්තල විශේෂ සෝදිසි මෙහෙයුමක්

දෙකෝටියකට අධික කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකුඅත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 116 ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් පමණ වනවා. එම කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙනවිත් ඇත්තේ මානිප්පායි හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. … දෙකෝටියකට අධික කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකුඅත්අඩංගුවට

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය … ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි