මැදවච්චිය, රබෑව, වැලිඔය හංදිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ තවත් විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඔවුන් අනුරාධපුර, මැදවච්චිය සහ වව්නියාව රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පළමුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවත් අනතුරුව පෞද්ගලික බස් රථය ද එම බස් රථවල ගැටී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.