මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගෝනගංආර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මොණරාගල සහ බුත්තල ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බේදා දුන් මහා පරිමාණයේ ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිරිබබා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු ඉතාමත්ම සූක්ෂම ලෙස කලිසම් වාටිය තුල සගවා හෙරොයින් විවිධ ස්ථාන වලට ප්‍රවාහනය කර ඇති බවයි සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නවයයි මිලිග්රැම් විසිපහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු ගෝනගංආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහයක පුද්ගලයෙකු වන අතර සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා





