අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට නව සම්බාධක පනවා තිබෙනවා.
යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට රුසියාවට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස නව සම්බාධක පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර නව සම්බාධක ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තමන් රුසියානු ජනාධිපතිවරයා සමග සෑම අවස්ථාවකම හොඳ සංවාද පවත්වන බවත් ඊට ඔහු යහපත් ප්‍රතිචාර නොදක්වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු එම අදහස් පළ කර තිබුණේ නේටෝ මහ ලේකම් මාර්ක් රූට් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් යුක්‍රේන යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නව සම්බාධක පැනවූ බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ද පවසා තිබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා සමග ඉදිරි දිනවල පැවැත්වීමට තිබූ හමුවක් අවලංගු කිරීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළ අතර නව සම්බාධක පනවා ඇත්තේ ඉන් දිනකට පසුවයි.




