Published
ජාඇල, ලුණු පොකුණ, ශ්‍රි ජයසුමනාරාම පුරාණ විහාරස්ථානය ඉදිරිපිට දී මත්ද්‍රව්‍ය සමග මහා පරිමාණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 709 ක් හා හෙරොයින් ග්‍රෑම් 104 ක් සොයා ගෙන තිබෙනවා.
ඔහු එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යතුරු පැදියද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල,
කුඩහපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.




