Published
පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ධීවරයන් සිව්දෙනෙකු විසින් නොරොච්චෝලේ බලාගාරයට ආසන්නයේ ඇති ධීවර වාඩියක මත්පැන් පානය කරමින් සිට ඇති අතර මුහුදේ සිට පාවී ආ බෝතලයක් ඔවුන් අහුලාගෙන එහි තිබූ දියර වර්ගය ද පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එම දියර වර්ගය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කල්පිටිය, නාරක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි ධීවරයින් දෙදෙනෙක්. අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.




