Published
‘දිට්වා’ සුළි කුණාටුව සහ පැවති ආපදා තත්ත්වය හමුවේ කිලෝමීටර් 5,700ක් පුරා විහිදෙන විදුලි වැටෙන් කිලෝමීටර් 838ක හානි සිදුව ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
හානියට පත් වූ විදුලි වැට ප්‍රමාණයෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කර ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව හානි වු විදුලිවැට අලුත්වැඩියා කිරීමට අදාළ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා පැවසුවේ.



