Published
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ මත් කරල් තොගයක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
කන්දකුලිය, තුඩාව වෙරළට යාබඳ ස්ථානයක තිබී එම මත් කරල් තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
පොලීසිය සැක පළ කරන්නේ සැකකරුවන් විසින් මත් කරල් ලක්ෂ තුනකට අධික තොගයක් මෙරටට රැගෙනවිත් පොලිතින් මළු 04ක අසුරා අදාළ ස්ථානයේ සගවා පලා ගොස් ඇති බවටයි.
එම මත් කරල් දෙකක් රුපියල් 375 සිට 500ක් දක්වා වන මිලකට කල්පිටිය සහ අවට ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් විසින් රහසිගතව අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මත් කරල් තොගය මෙරටට ගෙන ආ සහ ඒවා භාර ගැනීමට සූදානම්ව සිටි අය සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.