Published
නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත් අඩංගුවට ගැනීමෙන් පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ජූලි මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මන්නාරම් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා,
නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයින් 8 දෙනා සමග ඔවුන් පැමිණි යාත්‍රාවක්ද දැල් ආම්පන්නද මසුන් විශාල ප්‍රමාණයක්ද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ධීවර නිලධාරීන්ට බාර දීමෙන් පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලැබී තිබේ.
මේ ඉන්දීය ධීවරයින් පිරිසට ඊට පෙර උතුරේ යම් අධිකරණයකින් ලබා දෙන ලද පෙර දඩුවම් ඇත්දැයි යන්න සොයා බැලීමේ කටයුතු මන්නාරම ධීවර නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබනවා.