Published
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් මෙතෙක් පැන නැගී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාස දෙක හමාරකට අවශ්‍ය ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විටත් පවතින බවයි.
ඉදිරි මාස කිහිපය ඇතුළත ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන තොග රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පෙන්වා දුන්නා.