ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (30) මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මිල සංශෝධනයකර තිබෙනවා.

අද දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්