Published
කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක අද අලුයම හටගත් ගින්නෙන් එහි සිටි පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
අදාළ ගින්න පිළිබද පෙරවරු 6.20 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වෙත ඇමතුමක් ලැබු තිබුණා.
ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් සහ ගිනි නිවීම් භටයින් 13 දෙනෙකු වහාම එම ස්ථානයට පිටත්කර හැරි බවද ගිනි නිවීම් ඒකකය පැවසුවා.
මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබෙනවා



