අද උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර සිටියේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.