කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මේ වන විට එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.

පසුගිය දින කිහිපයේදී ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීම සඳහා අතිරේක දින කිහිපයක් ගැනීමට සිදුවූයේ ආනයනික බහාලුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු පැවසුවේ.

දිනකට 1,200ක් පමණ ලැබුණු ආනයනික බහාලුම් ඇතැම් දිනවලදී 2,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් අද උදෑසන වන විට එම ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.