කොළඹ 07, මල් පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක වහලය මත තිබී ගෑස් උණ්ඩ අඩංගු බෑගයක් කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සොයාගෙන ඇත්තේ ගෑස් උණ්ඩ 10ක් සහිත කැමා වර්ගයේ බෑගයක්. පොලිසිය පැවසුවේ 2022 වසරේදී අගමැති කාර්යාලය ආසන්නයේ පැවති මහජන උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් විසින් ගෑස් උණ්ඩ විසි කිරීමේදී මෙම ගොඩනැගිල්ලේ අදාල බෑගය රැදෙන්නට ඇති බවට සැක කෙරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.