Published
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන සිටින නීතිඥවරිය දින 90 ක කාලයක් තවදුරටත් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියේ ප්රධාන සැකකරුවකු වන කෙහෙල් බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම දැනුම්දීම සිදුකළා.




