රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී අද අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .

අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ .

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .