අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු සහ වියදම් පනතට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව බදු කප්පාදු, ආරක්ෂක වියදම් වැඩි කිරීම් සහ සංක්‍රමණ මර්දනය ඇතුළු වැඩසටහන් කිහිපයක් බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එම පනත් කෙටුම්පත පිටු 870 කින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අදාල පනත් කෙටුම්පත තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය වන 2017 වර්ෂයේදී සිදු කරන ලද බදු කප්පාදු දීර්ඝ කිරීම, අතිකාල සහ සමාජ ආරක්ෂණය සඳහා නව බදු සහන සහ ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 150 කින් වැඩි කිරීම ඇතුලත් වී තිබෙනවා.
මේ තුලින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කල හැකි බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් එම පනත සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් අතර විවේචනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම පනත් කෙටුම්පතෙන් ධනවතුන්ට ප්‍රතිලාභ ලැබෙන බවටත් දුප්පතුන්ට දඬුවම් කරන බවටත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පනත අත්සන් කිරීමට පෙර ඉරාන මෙහෙයුමට ගෞරවයක් වශයෙන් අමෙරිකානු ජාතික ගීය වාදනය කරන අතරතුර ජෙට් යානා දෙකක් සහ ඊ-2 වර්ගයේ බෝම්බ හෙලන යානයක් ධවල මන්දිරයට ඉහළින් පියාසර කර තිබෙනවා.
එමෙන්ම එම ප්‍රහාරවලට සහභාගී වූ නියමුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උත්සවයට ආරාධනා කර තිබෙනවා.