තරග දෙකකින් සමන්විත සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 78කින් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය SSC ක්‍රීඩාංගණයේදී පැවැති අතර 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කර තිබෙනවා

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට නොහැකි වූ අතර අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වනවා.

ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.