ත්‍රීරෝද රථයක් කොල්ලකෑ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පසුගිය 04 වනදා රාගම ප්‍රදේශයේදී එම ත්‍රීරෝද රථය කොල්ලකා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරු රාගම බස් නැවතුම්පොළ අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලි ග්‍රෑම් 480ක් සොයා ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ කොල්ලකන ලද ත්‍රීරෝද රථයද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.