Published
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 644ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පුද්ගලයින් 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.
පවුල් තුන් ලක්ෂ අසූ පන්දහස් අනූතුන් දෙනෙකුට අයත් දහතුන් ලක්ෂ හතලිස් හතර දහස් අටසිය අනූ අට දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
සුරක්ෂිත මධ්‍යස්ථාන 766ක තවදුරටත් පුද්ගලයින් 70,000කට අධික ප්‍රමාණයක් රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
එම පිරිස් මාස 02ක් හෝ 03ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.




