Published
මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 08 හැවිරිදි වියේ පසු වූ දරුවෙක්.
පොලීසිය පැවසුවේ එම දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත් කිරීමට යාමේදී එලෙස විදුලිසැර වැදී ඇති බවයි.
බරපතළ තත්ත්වයෙන් පසු වූ එම දරුවා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.