Published
නුවරඑළිය, ටොප්පාස් රක්ෂිතයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එලෙස සොයාගෙන ඇත්තේ ශාන්තිපුර, නුවරඑළිය ප්රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරුක් බවයි. එම පුද්ගලයා පසුගිය 08 වනදා සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. ටොප්පාස් රක්ෂිතයට දර කැඩීමට ගිය පිරිසක් රක්ෂිතය තුළ මළ සිරුරක් ඇති බවට දැක නුවරඑළිය පොලිසියට දැනුම්දී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. පසුව එම මළ සිරුර සිය පුත්රයාගේ බවට මියගිය පුද්ගලයාගේ පියා විසින් හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




