Published
මිනිස් සිරුරට අහිතකර ප්ලාස්ටික් සම්බන්ධයෙන් ඉදිරි මාස 02 තුළ දැඩි පියවර ගන්නා බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වෙළඳපොල තුළ සිදුකල පරීක්ෂණවලදී බරපතල අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවයි.
ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදකයින් කැඳවා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසුවා.
පොලිතීන් මලු මෙන්ම ළඳරු නිෂ්පාදන, ඩයි වර්ග, ක්‍රිම් වර්ග, සබන් වර්ග, ගිනිපෙට්ටි, ලයිටර් වැනි ජන ජීවිතයට සමීප නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳ සොයා බලන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.