ගමන් බලපත් ලබා ගැනීම සඳහා පැමිණෙන සියලුම අයදුම්කරුවන්ට ටෝකන්පත් නිකුත් කරන බැවින් පෙරදින රාත්‍රියේ සිට සිය දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෝළිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දෙවනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක් දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා උදෑසන 06යි 30 සිට පස්වරු 02 දක්වා ටෝකන්පත් නිකුත් කරනු ලබනවා.
එදිනට එක් දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබූ එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක් දින සේවාව යටතේ භාරදිය හැකි වනවා.
එම කාලය තුළ ගමන් බලපත් ලබා ගැනීම සඳහා පැමිණෙන සියලුම අයදුම්කරුවන්ට ටෝකන්පත් නිකුත් කරන බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් අයි චමින්ද පතිරාජ මහතා පැවසුවේ.
ඒ අනුව අදාළ දිනයේ උදෑසන 06න් පසු පැමිණ බාධාවකින් තොරව සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි බවද ඔහු පැවසුවා.
එමෙන්ම ගමන් බලපත්‍ර අයදුම්පත භාරදීම ඉක්මන් කිරීම සඳහා හෝ ඉක්මනින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිදු තැරුව්කරුවෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ හෝ පිටත දී මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවට දැනුම් දුන්නේ.
විදේශ ගමන් බලපත්‍රය සඳහා අදාළ ගාස්තුව සරප් කවුන්ටරය වෙත පමණක් ගෙවා ගමන් බලපත්‍රය නිකුත් කරන කවුළුවෙන් පමණක් ගමන් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් පැවසුවේ.