හසලක, අඹගහපැලැස්ස ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හසලක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් අතර ගල්වඩුගොඩ ප්‍රදේශයේ චීවරධාරියෙකුද වන බවයි පොලීසිය පැවසුවේ.

සෙසු සැකකරුවන් තිදෙනා සෙවනගල සහ අඹගහපැලැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.