පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හසලක, සහ ගල්නෑව ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකදීයි.

හසලක, අඹගහපැලැස්ස ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ගල්වඩුගොඩ ප්‍රදේශයේ චීවරධාරියෙකුද වන බවයි පොලීසිය පැවසුවේ. සෙසු සැකකරුවන් තිදෙනා සෙවනගල සහ අඹගහපැලැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මේ අතර ගල්නෑව ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්නෑව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අදාළ කැණීම් සඳහා සැකකරුවන් විසින් යොදා ගත් කැනීම් උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.