Published
රාගම, සහ කඳාන ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. ඒ, පසුගියදා රාගම සහ කඳාන ප්‍රදේශවල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන්ද සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව එම ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එලෙස විශේෂ මෙහෙයුමක් සිදු කළ බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් නිලධාරීන්ට අමතරව යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එක්ව තිබෙනවා.
එහිදී අදාළ ප්‍රදේශවල සියලු මාර්ගවල ධාවනය වූ රථවාහන සහ පුද්ගලයින් පරික්‍ෂා කළ බව පොලීසිය පැවසුවා.
එම විශේෂ මෙහෙයුමේදී විවිධ චෝදනා යටතේ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.