Published
ජාතික ජන බලවේගයට බලය අහිමි වූ පළාත් පාලන ආයතනවල කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි විමසිල්ලෙන් පසුවන බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණිසංහ මහතා පවසනවා.
ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පළාත් පාලන ආයතනවල රහස් ඡන්ද සහ විවෘත ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
මේ අතර සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් වුණා.
ඒ, එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ සභිකයින් පිරිසක් විසින්.