Published
අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හල්දුම්මුල්ල පොලීසිය පැවසුවේ ලද තොරතුරක් අනුව හල්දුම්මුල්ලේදී එම රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතුද යෙදූ බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් රියදුරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.