Published
බේරුවල වෙරළට ඔබ්බෙන් ඊයේ අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු බෙන්තොට වෙරළට ඔබ්බෙන් සොයාගෙන තිබෙනවා.
එම ධීවරයින්ගේ සිරුරු බෙන්තොට වෙරළට ගොඩගසා සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නදුන් කුමාර යන අයය.
ඊයේ (28) උදෑසන ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු අතර එහිදී අනතුරට පත්ව තිබුනා.
පළමුව ඔවුන් අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා අවට පිරිස් විසින් බෝට්ටු යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර තිබූණි.