Published
දින ගණනක සිට පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටින ‘භාතිය’ ඇතාට සිදු කෙරෙන ප්‍රතිකාර කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පාදයක ආබාධයක් සහිතව එම ඇතා ජලය රැඳි වළකට වැටී ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
කෙසේවෙතත් භාතිය ඇතාට සිදු කෙරෙන ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බවද ඔවුන් චෝදනා කළා.
ඒ අනුව එම ඇතාගේ සොෟඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ පශු වෛද්‍යවරුන් වෙත අදාළ උපදෙස් ලබා දී තිබෙනවා.