Published
මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඔවිලි කන්ද, මකුලේමඩ, පතිනිගොල්ල ,වදයමඩ ,අලවතුවල, පරණගම්තැන්න, හොරගහපිටිය, ආදී ගම්මාන ගණනාවක ජනතාව මුහුණපා සිටින අපහසුතාවක් පිළිබඳ අද නෙත් සැරයෙන් අනාවරණ කරනවා
මෙම ගම්මාන සියල්ලේම අන්තර්ජාල සබඳතා පහසුකම් නොමැතිකමින් අධ්‍යාපනය හදාරන දරුවන් විශාල ලෙස පීඩාවට පත්ව තිබෙනවා ඇතැම් සිසුන් උස ගස් වලට ගල් වලට නැග අන්තර්ජාල සංඥා සොයා ගන්නේ දැඩි අවදානම් සහගත තත්ත්වයක් තුළයි.
නවීන තාක්ෂනය මෙතරම් දියුණුවට පත්ව ඇති නමුත් මෙම ගම්මාන වලට එම පහසුකම නොමැති වීම විශාල ගැටලුවක් වී තිබෙනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




